Update – දකුණු කොරියා ගුවන් අනතුරින් අහිමි වූ ජීවිත ගණන ඉහළට (වීඩියෝ)

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපපොළේ දී ගුවන් යානයක් කඩ වැටී සිදු වූ අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ යානය තුළ සිටි 181 දෙනාගෙන් 47 දෙනෙකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරට ලක්වන අවස්ථාවේ දී යානය තුළ මගීන් 175ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සිට තිබෙනවා.

යානයේ සිටි මගීන් අතර දකුණු කොරියානුවන් 173 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

Update – Sunday, December 29, 2024, 8.42AM

දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේ දී ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 06 දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ.

යානය මෙලෙස අනතුර ලක්වීමට නිශ්චිත හේතුව අනාවරණය වී නොමැති අතර, පක්ෂීන් රංචුවක් යානයේ ගැටී ගොඩබෑමේ ආම්පන්නය අක්‍රිය වීම අනතුරට හේතුවන්නට ඇති බවයි සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22