තිදරු මව මුහුණේ කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මිය ගිහින්

මොරගල්ල, කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවක් කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ ශිරානි ලක්ෂිකා කුමාරි නැමැති තිදරු මවක් බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාව මුහුණේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිටිය දී බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි අනවරණය වී ඇත්තේ.

කාන්තාව මෙම සිද්ධියට මුහුණදෙන විට එම නිවසේ ඇයගේ ස්වාමියාපුරුෂයා, පුතෙක් සහ දියණියක් සිට ඇති බවට වාර්තා වනවා.

ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටිය දී රෝහල් ගත කළ බවයි.

මේ වන විටත් එම කාන්තාවගේ ස්වාමියාගෙන් සහ දරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව සඳහන්.

මෙය නිවසේ සිටි පුද්ගලයෙකු විසින් සිදුකළ ඝාතනයක් ද නැතහොත් බාහිරින් පැමිණි පුද්ගලයකු සිදුකළ අපරාධයක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15