Fly high Get bonus Aviator Phone

තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ ගණනක් ගොඩගැසේ

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අද (12) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති පෙරේදා (09) පස්වරු 4.00ට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මේ සඳහා දිවයින පුරා සිටින තැපැල් සේවකයින් 27,000ක් පමණ එක්ව සිටිනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් පමණ තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති මෙම සංකේත වැඩ වර්ජනය අද (12) පස්වරු 4.00ට අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?