තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදාහැරීම ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ; මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත අදාළ ඡන්ද පත්‍රිකා මේ වනවිට දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22ක් පදනම් කරගනිමින් බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.

අද (25) දිනයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද අයදුම් කළ රාජ්‍ය ආයතන වෙත අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම් කටයුතු ආරම්භ කෙරුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිළිගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 20,502ක් බව නුව‍රඑළිය
දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රදේශීය තැපැල් කාර්‍යාල විසින් මෙම තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ රාජ්‍ය ආයතන වෙත ලැබීමට සලස්වන බවයි වාර්තා වන්නේ.

ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ ද අද දිනයේ දී මැතිවරණ පූර්ව සූදානම් වීම් දක්නට ලැබුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

හෙට (26) දිනයේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ කටයුතු පැවැත්වෙන බැවින් ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට අදාළ බඩුබාහිරාදිය සේම තේරීම් භාර නිලධාරීන් ද රාජකාරි කටයුතු සඳහා පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

තැපැල් කාර්යාල වෙත ලැබෙන තැපැල් ජන්ද පත්‍රිකා අදාළ රාජ්‍ය ආයතන වෙත ලබාදීමෙන්
පසු එම තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ලෙස ලබාගත් බවට ආයතන ප්‍රධානියාගෙන් අත්සන් ලබා ගැනීම ද අනිවාර්‍යය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39