spot_imgspot_img
spot_img

තානාපතිවරයෙක් ඇතුළු පත්කිරීම් 07ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, තානාපතිවරයෙකු ඇතුළු නව පත්කිරීම් 07ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපති ලෙස එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර්ගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

මීට අමතරව ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ලෙස ඩබ්ලිව්. එම්. ධර්මපාලගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්.එම.බී.පී. හේරත්ගේ පත්වීමට සහ ගුවන්තොටුපල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරිගේ පත්වීමටද, ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේගේ පත්වීමටද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බී.එම්.එල්. පතිරණගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අයි.එස්. විජේසේකරගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව පසුගියදා (22) පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?