තානාපතිවරයෙක් ඇතුළු පත්කිරීම් 07ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, තානාපතිවරයෙකු ඇතුළු නව පත්කිරීම් 07ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපති ලෙස එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර්ගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

මීට අමතරව ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ලෙස ඩබ්ලිව්. එම්. ධර්මපාලගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්.එම.බී.පී. හේරත්ගේ පත්වීමට සහ ගුවන්තොටුපල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරිගේ පත්වීමටද, ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේගේ පත්වීමටද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බී.එම්.එල්. පතිරණගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අයි.එස්. විජේසේකරගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව පසුගියදා (22) පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20