“හමුදාවෙන් සහ පොලිසියෙන් ඉවත් වූ 750ක පිරිසක් විවිධ අපරාධවල” – වැඩ බලන පොලිස්පති

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියෙන් ඉවත් වූ 750ක පමණ පිරිසක් සමාජය තුළ විවිධ අපරාධ වල නිරතව සිටින බවට තොරතුරු ඇතැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවෙහි පවසා තිබෙනවා.

කලකට ඉහත දී සිදුකළ නිරීක්ෂණයක දී මෙම තොරතුරු අනාවරණය වූ බවත් මේ අතරින් වැඩි පිරිස යුද හමුදාවේ හිටපු සෙබළුන් බවත් ඒ මහතා කියා සිටියා.

වැඩ බලන පොලිස්පති ලෙස පත්වීම් ලද වීරසූරිය මහතා පෙරේදා (28) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත් ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ පොලීසිය දිගින් දිගටම මෙහෙයුම් වල නිරත වූ අතර යුක්තිය මෙහෙයුමේ දී සමස්ථ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් ඒ වෙනුවෙන් යෙදවූ බවයි.

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී පැවැති අඩුපාඩු අපි නිරීක්ෂණය කළ අතර පොලීසියට අණ පනත් වලින් ලැබී තිබෙන බලතල අනුව ඉදිරියේ දී මෙම මෙහෙයුම් නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යන බවත් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළා.

එමෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම, අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම පොලිස් ස්ථාන මගින් නිරන්තරව සිදු කරන බවත්, පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පැවතුනද වෙනත් රාජකාරි වල යොදවා සිටි නිලධාරීන් ද මේ සඳහා යොමු කරමින් මීට වඩා වැඩි ධාරිතාවකින් ඉදිරියේ දී මෙම මෙහෙයුම් සිදුකරන බවත් ප්‍රකාශ කළා.

මෙරට සිදුවන අපරාධ මැඩලීමට මෙහෙයුම් දියත් කරන ආකාරය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ; පොලිස් නිලධාරීන්ගෙන් නිසිලෙස කටයුතු සිදු නොවන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40