spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිරෝද රථයේ ඉන්ධන ඇද්ද රියැදුරා මාට්ටු

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන්  රු 3500කට ඩීසල් ඉන්ධන ලබාගෙන එම ඉන්ධන තොගය බූලියකට රැස් කළ එම ත්‍රිරෝද රථයේ රියැදුරා 12 දින රාත්‍රියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසීය.

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලට 12 දින එම සමාගම විසින් ඩීසල් ලීටර් 6600 නිකුත් කර තිබු අතර එම ඉන්ධන තොගය වාහනවලට නිකුත් කිරිමේදී සැකකාර රියැදුරා එක් වතාවක් ඩීසල් ලබාගෙන යළිත් ඩීසල් ලබාගැනීමේ අරමුණින් ටැංකියේ තිබූ ඩීසල් ඉන්ධන බූලියකට එක්රැස් කරමින් සිටි බව හැටන් පොලිසිය කියා සිටියේය. අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල ආසන්නයේම ත්‍රිරෝද රථයක ටැංකියේ තිබූ ඩීසල් ඉන්ධන බූලියකට එක් රැස්කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිරෝද රථයෙන් ඩීසල් එක්රැසක් කල සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් අයුරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?