spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තහනම නොතකා විහාරස්ථානයට ඇතුළු වූ හාමුදුරුවෝ දෙනමට දායක සභාවෙන් සැළකිල්ලක්

අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගයක් නොතකමින් හෙට්ටිපොළ – පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයට ඇතුළු වූ ස්වාමීන්වහන්සේලා දෙනමකට එම විහාරස්ථානයේ දායක සභාවේ පිරිසක් පහර දී තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ සිදුකළ මෙම පහරදීමෙන් පසු අදාළ ස්වාමීන්වහන්සේලා දෙනම ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කුලියාපිටිය දිසා අධිකරණයේ විභාගවන නඩුවක් හේතුවෙන්, ගලගෙදර විපුලසාර නැමැති ස්වාමීන් වහන්සේට එම විහාර භූමියට ඇතුළු වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා තිබෙනවා.

මෙම තහනම් නියෝගය ද පවා නොතකමින් අදාළ හිමිනම තවත් ස්වාමීන් වහන්සේ නමක් ද සමඟ ඊයේ (31) එම විහාරස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී අදාළ හිමිනම විහාර භූමියට ඇතුළුව ඇති බව දැනගත් දායක සභාවේ පිරිසක් පැමිණ මෙලෙස පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර,හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
16
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?