තවත් මාරක රිය අනතුරක්

කඩවත ගෝනහේන මාහේන මාර්ගයේ මාහේන ප්‍රදේශයේදී ගෝනහේන දෙස සිට මාහේන දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිකරමින් පවතින පාලමක ගැටී යතුරුපැදිය පෙරලී ගොස් අනතුරක් සිදුව තිබේ .

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත . මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ . යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති අතර කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?