spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් නඩුවකින් බදුර්දින්ට ඇප ලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, මැගසින් බන්ධනාගාරයේ රදවා සිටියදී මන්ත්‍රීවරයා සිටි සිරමැදිරියේ තිබී ජංගම දුරකතනයක් ඉකුත්දා බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගැනීමේ සිද්ධියට අදාළවයි. ඔහුට එරෙහිව බන්ධනාගාර ආඥාපනතට බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ නඩු පැවරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

ඒ අනුව එහි මහේස්ත්‍රාත්වරයා හමුවට මන්ත්‍රීවරයා ඉකුත් 13 වනදා ඉදිරිපත් කෙරුණේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේයි. එහිදී තමන්ට නගා ඇති චෝදනාවට නිවැරදිකරු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පැවසූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඊට අදාළ නඩුව ලබන 24 වනදා යළි කැදවීමටයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීම හේතුවෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ පවරා ඇති නඩුවෙන්ද ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා. කෙසේවෙතත් ඉදිරියේදී එම නඩුව සදහා ඔහු බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ පෙනී සිටිය යුතු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?