තවත් ගෑස් ටැංකියක් නිකවැරටියේ නිවසක පුපුරා යයි

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පුපුරා ගොස් තිබෙනවා.

මෙම පිපිරීමෙන් එම නිවස ගිනිගෙන දැඩි හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙම සිදුවීම වන අවස්ථාවේදී නිවසේ මව සහ පියා කුඹුරට ගොස් සිට තිබෙන අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගෑස් ටැංකිය පුපුරා යාමෙන් ඇතිවූ ගින්නෙන් නිවසට සහ දේපලවලට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්