තඹුත්තේගම මංකොල්ල සිද්ධියට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අල්ලයි

තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ඊයේ (26) දහවල් රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රාජාංගනය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ව්‍යාපාරිකයෙකු විසින් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට තඹුත්තේගම පොලිස් නිලධාරියෙක් සමත් වුණා.

එහිදී මංකොල්ලය සඳහා ආයුධ සන්නද්ධව පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටයි හැකි වුණේ.

48 හැවිරිදි හා 50 හැවිරිදි වියේ පසු වන සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබූ බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතොරමක් සහ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සිය ජීවිත අවදානම ද නොතකා සිදුවන්නට ගිය මංකොල්ලය වැළැක්වූයේ තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනියුක්තව සේවය කරන බුද්ධික කුමාර පොලිස් සැරයන්වරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයින් වෙනුවෙන් දහම් කතිකාවක් | දැවෙන සිතට දම් සිසිලක් | සජීවී විකාශය 🔴
00:00
Video thumbnail
කාලසටහනක් නිසා ලංගම ප්‍රයිවට් බස් දෙගොල්ලෝ ලොකු අවුලක්
08:06
Video thumbnail
පිටකොටුවේ වැසිකිළි ගාස්තු ජාවාරම
00:50
Video thumbnail
පාසලට යන්න පිටත් වෙලා බස් රථයට නැග්ග ගුරුවරියක් අතුරුදන්
01:09
Video thumbnail
සජිත්ට චාන්ස් එකක් දෙන්න ඕනේ - 2029 ජනපති සජිත්..?
04:40
Video thumbnail
තිස්ස ලුණු ඇඹුල් ඇතුව හොදටම දෙසයි - මාලිමාවට තියෙන අසනීපේ අපිට හොද කරන්න පුළුවන් එකක් නෙවෙයි
05:45
Video thumbnail
ආශු ආණ්ඩුවේ ගුණ වයයි - ආණ්ඩුවට කාලයක් දෙන්න ඕනේ
04:42
Video thumbnail
මෙන්න තවත් රජ ගේමක් - සාක්ෂි එක්ක හෙළිවෙයි - බලධාරීන්ගේ අවධානයට
08:43
Video thumbnail
මොළයක් නැති හරක් ද.. නාමල් කෝමාවට ගිහින් ද..?
04:38
Video thumbnail
අම්මෝ කාගේද මේවා..? සුපිරි යතුරුපැදි රැසක් ගබඩාවක් තුළ තිබි සොයාගැනේ
01:52


?