තඹුත්තේගම මංකොල්ල සිද්ධියට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අල්ලයි

තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ඊයේ (26) දහවල් රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රාජාංගනය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ව්‍යාපාරිකයෙකු විසින් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට තඹුත්තේගම පොලිස් නිලධාරියෙක් සමත් වුණා.

එහිදී මංකොල්ලය සඳහා ආයුධ සන්නද්ධව පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටයි හැකි වුණේ.

48 හැවිරිදි හා 50 හැවිරිදි වියේ පසු වන සැකකරුවන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබූ බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතොරමක් සහ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සිය ජීවිත අවදානම ද නොතකා සිදුවන්නට ගිය මංකොල්ලය වැළැක්වූයේ තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනියුක්තව සේවය කරන බුද්ධික කුමාර පොලිස් සැරයන්වරයායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36