spot_imgspot_img

තම සුරතල් පිඹුරා ‘සර්ෆින්‘ රැගෙන ගිය ඔස්ට්‍රේලියානුවාට දඩ

සිය සුරතලයට ඇති දැඩි කළ පිඹුරෙකු රළ මත ලිස්සා යෑමට රැගෙන ගිය ඔස්ට්‍රේලියාවේ පුද්ගලයකුට එරට වනජීවී නිලධාරීන් අමෙරිකානු ඩොලර් 1495ක දඩයක් නියම කර තිබෙනවා.

ගෝල්ඩ් කෝට්ස් නුවර හිගෝර් ෆියුසා නමැති එම පුද්ගලයා සිය සුරතල් පිඹුරා සමඟ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබෙනවා.

පිඹුරකු මුහුදට රැගෙන යෑමෙන් සත්ව හිංසනය සඳහා වන නීතිරීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත දඩ මුදල නියම කර තිබේ.

පිඹුරකු ප්‍රසිද්ධ ස්ථානයකට රැගෙන යෑමෙන් ද ඔහු වරදකරු වූ බව ඔස්ට්‍රේලියානු වනජීවී නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

පිඹුරන්ට ජලය අතිශයින්ම සිසිල දනවන්නක් බවත්, මුහුදේ සැරිසරන එකම සර්ප විශේෂය මුහුදු සර්පයන් පමණක් බවත් ක්වීන්ස්ලන්ඩ් පරිසර හා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?