තම සුරතල් පිඹුරා ‘සර්ෆින්‘ රැගෙන ගිය ඔස්ට්‍රේලියානුවාට දඩ

සිය සුරතලයට ඇති දැඩි කළ පිඹුරෙකු රළ මත ලිස්සා යෑමට රැගෙන ගිය ඔස්ට්‍රේලියාවේ පුද්ගලයකුට එරට වනජීවී නිලධාරීන් අමෙරිකානු ඩොලර් 1495ක දඩයක් නියම කර තිබෙනවා.

ගෝල්ඩ් කෝට්ස් නුවර හිගෝර් ෆියුසා නමැති එම පුද්ගලයා සිය සුරතල් පිඹුරා සමඟ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබෙනවා.

පිඹුරකු මුහුදට රැගෙන යෑමෙන් සත්ව හිංසනය සඳහා වන නීතිරීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත දඩ මුදල නියම කර තිබේ.

පිඹුරකු ප්‍රසිද්ධ ස්ථානයකට රැගෙන යෑමෙන් ද ඔහු වරදකරු වූ බව ඔස්ට්‍රේලියානු වනජීවී නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

පිඹුරන්ට ජලය අතිශයින්ම සිසිල දනවන්නක් බවත්, මුහුදේ සැරිසරන එකම සර්ප විශේෂය මුහුදු සර්පයන් පමණක් බවත් ක්වීන්ස්ලන්ඩ් පරිසර හා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51