තමන් සමඟ එක් නොවූ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් ආරාධනයක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) රාත්‍රියේ සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

එම සටහන මඟින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුනේ තමා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්තවන බවයි.

පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔවුන් විසින් තේරුම් ගෙන ඇති බවත්, එකට එක්ව තවත් බොහෝ දේ කළ හැකියි ජනාධිපතිවරයා එමඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තවමත් ඔවුන් සමඟ එක්නොවූ මන්ත්‍රීවරුන්ව එම ගමනේ කොටස්කරුවන් කර ගැනීමට සුදානමින් සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම විශේෂ සටහන මඟින් පවසා තිබෙනවා.

එමෙන්ම සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මෙහෙවර තවමත් සිදුවෙමින් පවතින බවත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම පුද්ගලයෙක්ම ඒ සඳහා අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තැබූ ෆේස්බුක් සටහනේ සඳහන්.

එම සටහන පහතින්,

“මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය දෑ නැතිව අරගල කරද්දී, ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබ ගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරි ගැන්නුවා.
ඒ, වගේම අපේ ප්‍රගතිය දැකලා, වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමනේ අතර මගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තුති කරන්න කැමතියි.
මේ වෙලාවේ අප සමඟ එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මඟේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා. පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපට තව බොහෝ දේ කළ හැකියි.
තවමත් අප සමඟ එක්නොවූ මන්ත්‍රීවරුන්ටත් මම කියන්න ඕනි, අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්. සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදු වෙමින් පවතිනවා, එය යථාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම කෙනක්ම අපට අවශ්‍යයි. මේ ගමන පහසු එකක් නොවුණත්, අපි එකතු වීමෙන් රටට සහ මහජනතාවට අපේ යුතුකම ඉටු කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එකට එක්ව, අපි සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.
අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්යය ගැන මම අවසාන වශයෙන් ඔබට ස්තුති වන්ත වෙන්න කැමතියි.”

  1. රටට හෙණ ගහල ගියත් කමක් නැහැ රනිල් මහත්තයෝ. මහින්ද කියන උන්ගෙ නම් ගෑවුන එකෙක් ගන්න එපා එ.ජා.ප. මොකද පිරිසිදු පක්ෂයක් එදා ඉදල මේ දක්වා..ප්‍ර්භාකරන්ට වඩා මහ විනාශයක් මේ රටට කරපු කාළකණ්ණි හැදිගෑවිලා යන්න ඕනේ ..එදත් අදත් අපේ නායකය ඔබතුමා..රනිල් මැතුදුනි ඔබට ජය……………..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32