spot_imgspot_img

තමන් නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක කියයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහි නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ.

කිසියම් අයුරකින් වරද පිළිගත්තේ නම් ධනුෂ්කට නුදුරු දිනයකදී දඬුවම් නියම කිරීමට නියමිතව තිබුණා.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පළමුවෙන් චෝදනා 04ක් ගොණු කෙරුණා.

පසුගිය නඩු වාරයේදී ඉන් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියා විමර්ශන අංශ පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාව ඔහුට එරෙහිව තවදුරටත් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?