Fly high Get bonus Aviator Phone

ඩොලර් වැඩියෙන් විසිකරන සුද්දෝ රට තුළට ගෙන්වා ගැනීමට සැලසුම්

2024 වසරේ සංචාරකයින් මිලියන 05ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේ දී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මෙම පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ Home Stay සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවයි.

එසේම ඉදිරි වසරේ දී ධනවත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කර ඇති බව ද එම නිලධාරීන් පෙන්වා දුන්නා.

එමෙන්ම වැඩි වශයෙන් ලංකාවට සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේ දී එම සංචාරකයින් පිළිගැනීමට මෙරට සාමාන්‍ය සමාජය සූදානම් කළ යුතු බව ද කමිටුව පෙන්වා දුන්නා.

මේ අනුව සංචාරකයින්ගෙන් මුදල් වංචා කිරීම ආදිය නවතා සංචාරකයින් ගෞරවාන්විතව පිළිගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතු බව පැමිණි මන්ත්‍රීවරු සඳහන් කළා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් තෝරාගත් ප්‍රදේශවල පුහුණු වැඩසටහන් පවත්වන බවයි.

තව ද ප්‍රාදේශීය මට්ටමෙන් පවතින සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් සකස් කිරීම වැදගත් වන බව ද කමිටුව පෙන්වා දුන්නා.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින “කර්මාන්ත පුර” ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද ඒවා වඩාත් ඵළදායී ආකාරයෙන් යොදාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?