ඩොලර් වැඩියෙන් විසිකරන සුද්දෝ රට තුළට ගෙන්වා ගැනීමට සැලසුම්

2024 වසරේ සංචාරකයින් මිලියන 05ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේ දී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මෙම පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ Home Stay සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවයි.

එසේම ඉදිරි වසරේ දී ධනවත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කර ඇති බව ද එම නිලධාරීන් පෙන්වා දුන්නා.

එමෙන්ම වැඩි වශයෙන් ලංකාවට සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේ දී එම සංචාරකයින් පිළිගැනීමට මෙරට සාමාන්‍ය සමාජය සූදානම් කළ යුතු බව ද කමිටුව පෙන්වා දුන්නා.

මේ අනුව සංචාරකයින්ගෙන් මුදල් වංචා කිරීම ආදිය නවතා සංචාරකයින් ගෞරවාන්විතව පිළිගැනීමේ ක්‍රමයක් සකස් කළ යුතු බව පැමිණි මන්ත්‍රීවරු සඳහන් කළා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් තෝරාගත් ප්‍රදේශවල පුහුණු වැඩසටහන් පවත්වන බවයි.

තව ද ප්‍රාදේශීය මට්ටමෙන් පවතින සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් සකස් කිරීම වැදගත් වන බව ද කමිටුව පෙන්වා දුන්නා.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින “කර්මාන්ත පුර” ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද ඒවා වඩාත් ඵළදායී ආකාරයෙන් යොදාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51