ඩේවිඩ් මිලර්ගේ දියණිය අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිය කතාවේ ඇත්ත නැත්ත එළියට

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය පිළිකා රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බව කියන පුවතක් ඊයේ රාත්‍රියේ සිට මෙරට මාධ්‍යවල සහ සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා.

කෙසේ වෙතත් එම පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩේවිඩ් මිලර්ගේ සමීපතමයෙකුගේ දියණියක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය කලක සිට පිළිකා රෝගයට ගොඳුරු වී සිටි අතර, ඇය ඩේවිඩ් මිලර්ගේ විශාලතම රසිකාවිය බවයි විදෙස් මධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

මෙම පුංචි රසිකාවියගේ අවාසනාවන්ත සමුගැනීම හේතුවෙන් මිලර් සිය සමාජ මාධ්‍යවලට සංවේදී වීඩියෝවක් ද එක්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඩේවිඩ් මිලර් මේ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ඉන්දියාවේ තරග සංචාරයක නිරතව සිටිනවා.

මේ අතර දෙරට අතර අද ආරම්භවීමට නියමිත දෙවන එක්දින තරගයට මිලර් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27