spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාගේ තීන්දුවට එරෙහි අභියාචනය සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දිනදෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියම කළා.

මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද දිනයේ කැදවනු ලැබුවා.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වනදා කැඳවන බවයි.

සමාජ ක්‍රියාකාරිකයෙකුවන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන සහ විගමන පාලකවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු එය ඉකුත් දා නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියා.

එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසනවා.

ඒ, අනුව අදාළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙස පෙත්සම්කරු අධිකරනයෙන් ඉල්ලා සිටී.

එසේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් අයැද තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?