ඩයනාගේ තීන්දුවට එරෙහි අභියාචනය සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දිනදෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියම කළා.

මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද දිනයේ කැදවනු ලැබුවා.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වනදා කැඳවන බවයි.

සමාජ ක්‍රියාකාරිකයෙකුවන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන සහ විගමන පාලකවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු එය ඉකුත් දා නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියා.

එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසනවා.

ඒ, අනුව අදාළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙස පෙත්සම්කරු අධිකරනයෙන් ඉල්ලා සිටී.

එසේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් අයැද තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28