spot_imgspot_img
spot_img

ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා ජනපතිගේ වැඩපිළිවෙළට ද්‍රවිඩ නායකයින් සහාය දිය යුතුයි

ජාතික සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට කටයුතු කරන නායකයෙකු වන බැවින් ද්‍රවිඩ දේශපාලන නායකයන් දමිල ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් පවසනවා.

පසුගිය සමයේ ජනතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා මේ වන විට යම් ප්‍රමාණයකට සමනය වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික අර්බුදයෙන් රට මුළුමනින් ම ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩ ව හා කාර්යක්ෂම ව ඉදිරියට ගෙන යාමට සියලු දෙනා සහාය දිය යුතු බවයි අවධාරණය කළේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ වෙළෙඳ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?