ජාතික පොලිස් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් ව ඇත්තේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියන් සම්බන්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල පොලිස්පතිවරයා විසින් විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි.