ජාතික ආරක්ෂාවට තර්ජනයවන ඩ්‍රෝන යානා රටට ගෙන්වා ඇති බවට තොරතුරු හෙළිවෙයි

ඩ්‍රෝන යානා භාවිත කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්ත්වය වළක්වාලීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

පොලිසිය පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ඩ්‍රෝන යානා ඇතැම් ආයතන මඟින් මෙරටට ආනයනය කිරීම සහ අමතර කොටස් වෙළඳාම සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ, අනුව ඩ්‍රෝන යානා සහ අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම කටයුතු පවත්වා ගෙන යාමට කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධ දත්ත පවත්වා ගෙන යාම සඳහාත් පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11