ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහායට ජනපතිගෙන් පැසසුම්

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීමට ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇඟයීමට ලක් කළේය.

2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කර ගනිමින් තරුණ තරුණියන්ට තම නිර්මාණශීලී නිපුණතා උපයෝගී කරගෙන අනාගතයට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට සිය
දායකත්වය ලබාදීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බියගම ප්‍රදේශයේ පිහිටුවීමට සිංහ සමාජයේ සහාය හිමිවීම පිළිබඳව ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපති බ්‍රයන් එඩ්වඩ් ෂීහාන් (Brian Edward Sheehan) මහතා අතර අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ තරුණයින් අතර සිදුවන හානිකර මත්පැන් භාවිතය අවම කිරීම සඳහා සිංහ සමාජය තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26