spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහායට ජනපතිගෙන් පැසසුම්

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීමට ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇඟයීමට ලක් කළේය.

2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කර ගනිමින් තරුණ තරුණියන්ට තම නිර්මාණශීලී නිපුණතා උපයෝගී කරගෙන අනාගතයට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට සිය
දායකත්වය ලබාදීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බියගම ප්‍රදේශයේ පිහිටුවීමට සිංහ සමාජයේ සහාය හිමිවීම පිළිබඳව ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපති බ්‍රයන් එඩ්වඩ් ෂීහාන් (Brian Edward Sheehan) මහතා අතර අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ තරුණයින් අතර සිදුවන හානිකර මත්පැන් භාවිතය අවම කිරීම සඳහා සිංහ සමාජය තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?