සිරුරට දැනෙන උණුසුම හෙට දිනයේ දී ඉහළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (01) දිනයය අදාළ වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

අද (31) පස්වරු 04.00ට නිකුත් කරනු ලැබූ මෙම අවවාදාත්මක නිවේදනය හෙට (01) දිනය පුරාවට වලංගු වන බව සඳහන්.