ජාත්‍යන්තර සාගර දිනය අදයි

ජාත්‍යන්තර සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා.

”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්න මෙවර ජාත්‍යන්තර සාගර දිනයේ තේමාවයි.

1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රථම වරට සිදු වුණා.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 08 වනදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට වෙනුවෙන් ලබාදෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබාදෙන සාගරය අද වන විට බරපතල තර්ජනයකට ලක්ව තිබෙනවා.

ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරිම ඉන් ප්‍රධානතම ගැටලුව බවට මේ වනවිටත් පත්ව අවසන්.

මේ අතර ජාත්‍යන්තර සාගර දිනය වෙනුවෙන්, මෙරට සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවය කොළඹ වරාය නගරයේදී අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17