ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගයේ දී ඊයේ රාත්‍රියේ වැලිකතර හෙල්ලූ අයියා මලෝ

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ සිම්බාබ්වේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසාගේ සුපිරි පිති හරඹය හේතුවෙන් ඩුබායි හි පැවත්වෙන ජාත්‍යන්තර පන්දුවාර විස්ස ලීග් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයෙන් පහසු ජයක් ලබන්නට ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ MI එමිරේට්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.

මෙහිදී ජාත්‍යන්තර පන්දුවාර විස්ස ලීග් තරගාවලියේ 04 වන කඩුල්ල වෙනුවෙන් හොඳම සබඳතාව පැවැත්වීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ සිකන්දර් රාසාට හැකිවීම ද විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල සඳහා ලකුණු 122ක නොදැවුණු සබඳතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මෙහිදී පිතිකරණයේ උසස්වීමක් ලබමින් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි දසුන් ශානක පන්දු 36කදී නොදැවී ලකුණු 56ක් රැස්කළේ හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් ද සමඟයි.

ඔහුට අනඟි සහයක් ලබාදුන් සිකන්දර් රාසා පන්දු 36ක දී හයේ සහ හතරේ පහර 04 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 56ක් රැස්කළා.

ඒ, අනුව තරගයේ ජයග්‍රහණය සඳහා MI එමිරේට්ස් කණ්ඩායම ලබාදුන් ලකුණු 165ක ඉලක්කය පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ පසුකර යමින් ඩුබායි කැපිටල්ස් පිළ මෙම තරගය ජයගත්තා.

මෙම තරගය ජයග්‍රහණයෙන් අනතුරුව දසුන් සහ රාසා ක්‍රීඩාගාරය වෙත යමින් සිටිය දී රාසා විසින් දසුන් ශානකට ඉදිරියෙන් ගමන් කිරීමට ඉඩ ලබාදීම මේ වනවිට බොහෝ දෙනෙකු අතර කතා බහක් මතුව ඇති සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමීපතම මිතුරන් ලෙස සැළකෙන දසුන් සහ සිකන්දර් රාසා ඔවුන් දෙදෙනාව හඳුනා ගන්නේ සහෝදරයින් ලෙසයි.

එහිදී සිකන්දර් රාසා ‘අයියා’ ලෙසත් දසුන් ශානක ‘මල්ලී’ ලෙසත් මේ වනවිට හඳුනාගනු ලබනවා.

මේ අතර ඊයේ තරගයෙන් පසු සිකන්දර් රාසා සිය නිල ට්විටර් ගිණුමට මෙම විශේෂ සටහනක් එක්කර තිබෙන අයුරු දැකගත හැකි වුණා.

327905673 571831208305844 7822741186091738917 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?