ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගයේ දී ඊයේ රාත්‍රියේ වැලිකතර හෙල්ලූ අයියා මලෝ

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ සිම්බාබ්වේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසාගේ සුපිරි පිති හරඹය හේතුවෙන් ඩුබායි හි පැවත්වෙන ජාත්‍යන්තර පන්දුවාර විස්ස ලීග් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයෙන් පහසු ජයක් ලබන්නට ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ MI එමිරේට්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.

මෙහිදී ජාත්‍යන්තර පන්දුවාර විස්ස ලීග් තරගාවලියේ 04 වන කඩුල්ල වෙනුවෙන් හොඳම සබඳතාව පැවැත්වීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ සිකන්දර් රාසාට හැකිවීම ද විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල සඳහා ලකුණු 122ක නොදැවුණු සබඳතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

මෙහිදී පිතිකරණයේ උසස්වීමක් ලබමින් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි දසුන් ශානක පන්දු 36කදී නොදැවී ලකුණු 56ක් රැස්කළේ හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් ද සමඟයි.

ඔහුට අනඟි සහයක් ලබාදුන් සිකන්දර් රාසා පන්දු 36ක දී හයේ සහ හතරේ පහර 04 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 56ක් රැස්කළා.

ඒ, අනුව තරගයේ ජයග්‍රහණය සඳහා MI එමිරේට්ස් කණ්ඩායම ලබාදුන් ලකුණු 165ක ඉලක්කය පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ පසුකර යමින් ඩුබායි කැපිටල්ස් පිළ මෙම තරගය ජයගත්තා.

මෙම තරගය ජයග්‍රහණයෙන් අනතුරුව දසුන් සහ රාසා ක්‍රීඩාගාරය වෙත යමින් සිටිය දී රාසා විසින් දසුන් ශානකට ඉදිරියෙන් ගමන් කිරීමට ඉඩ ලබාදීම මේ වනවිට බොහෝ දෙනෙකු අතර කතා බහක් මතුව ඇති සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමීපතම මිතුරන් ලෙස සැළකෙන දසුන් සහ සිකන්දර් රාසා ඔවුන් දෙදෙනාව හඳුනා ගන්නේ සහෝදරයින් ලෙසයි.

එහිදී සිකන්දර් රාසා ‘අයියා’ ලෙසත් දසුන් ශානක ‘මල්ලී’ ලෙසත් මේ වනවිට හඳුනාගනු ලබනවා.

මේ අතර ඊයේ තරගයෙන් පසු සිකන්දර් රාසා සිය නිල ට්විටර් ගිණුමට මෙම විශේෂ සටහනක් එක්කර තිබෙන අයුරු දැකගත හැකි වුණා.

327905673 571831208305844 7822741186091738917 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40