ජාත්‍යන්තර යෝග දිනය සමරන්න ආ මෝදිගෙන් ලෝක සාමය වෙනුවෙන් ප්‍රාර්ථනාවක්

ජාත්‍යන්තර යෝග දිනයේ නිමිත්තෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ යෝග වැඩසටහනක් අද (21) උදෑසන පැවැත්වුණා.

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී මෙම යෝග වැඩසටහන පැවැත් වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

මේ අතර 11 වන ජාත්‍යන්තර යෝග දින සැමරුමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (21) විශාකාපට්නම් හි එක් වුණා.

ජුනි 21 වන දින ලොව පුරා රටවල් කිහිපයක් විසින් සමරනු ලබන ජාත්‍යන්තර යෝග දිනය “එක් පෘථිවියක්, එක් සෞඛ්‍යයක් සඳහා යෝග” යන තේමාව යටතේ මෙවර එය සමරනු ලබනවා.

මේ අතර ජාත්‍යන්තර යෝග දින සැමරුම එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ ගැටුම්වලින් පිරුණු ලෝකයක සාමය සහතික කිරීමට යෝගවලට හැකි බවයි.

එමෙන්ම ජාත්‍යන්තර යෝග දින සමරන අද දිනයේ ගෝලීය සාමයේ ආරම්භය වේවා යනුවෙන් ප්‍රාර්ථනාවක් ද අගමැති මෝදි විසින් සිදුකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42