ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් විපක්ෂ නායකවරයා හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වුණා

එහි දී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කාරණා රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් මෙහිදි සිදුවිය.

එහි දී වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු අතර විශේෂයෙන් රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සිදු කර ඇති බලපෑමත් සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස දැනුවත් කර සිටියේය.

එසේම සමගි ජන බලවේගය බලයට පත් වූ විගස මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒ තුළින් රට ගොඩ ගැනීමේ ක්‍රමෝපානයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පැවසීය.

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr. Peter Breuer (Senior. Mission Chief), Ms. Katya Svirydzenka (Dep. Mission Chief), Dr. Sarwat Jahan (IMF Resident Representative), Ms. Manavee Abeyawickrama – (Local Economist), Lan Huong Vu (Communications Dept.) පිරිසක් එක් විය.

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, වේලුකුමාර සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01