මෝටර් රථයක දී නිසල සිරුර හමු වූ කාන්තාවගේ පෙම්වතා අතුරුදන්

තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක දී මියගොස් සිටියදී සොයා ගත් තරුණිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන විමර්ශනවලට අදාළව තවත් කරුණු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.

අදාළ මියගිය තරුණිය සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිට තිබෙනවා.

කෙසේ වෙතත් ඉකුත් 02 වැනිදා පැමිණි එම යුවළ ඉකුත් 10 වැනිදා පිටවත්ව ගොස් ඇති බවත්, එලෙස පිටව යාමෙන් අනතුරුව පසුගිය 16 වැනිදා නැවත එම තරුණිය පමණක් එම හෝටලයටම පැමිණ නවතන් ගෙන ඇති බවට විමරහ්ස්නවලදී අනවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දින (17) දින රාත්‍රී 9:00ට පමණ එම තරුණියගේ පෙම්වතා කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් එම සංචාරක හෝටලයට පැමිණ, බිරිද රෝගාතුරව ඇති බවට හෝටලයේ ආරක්ෂක අංශ වෙත දැනුම්දෙමින් පෙම්වතියව ඔසවාගෙන විත්, හෝටලයේ බිල්පතද ගෙවා දමා තරුණියව මෝටර් රථයේ දමාගෙන ඇයව රැගෙන ගිය බවට එම හෝටලයේ ආරක්ෂක අංශ නිළධාරියා විසින් පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබෙනවා.

මෙලෙස මියගොස් සිටින කාන්තාව වැලිගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ එම කාන්තාවගේ පෙම්වතා බවට පැවසෙන් පුද්ගලයා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයාගේ ඡායාරූප කිහිපයක් නුවරඑළිය පොලිසිය විසින් මාධ්‍යට නිකුත් කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිසිය වෙත දන්වන ලෙස ඉල්ලා සිටිනවා.

Untitled 1 scaled
Untitled 2 scaled

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
21
+1
3
+1
8
+1
10
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16