ත්‍රිරෝද රථයට ගිනිතබා ජීවිතය හැරගියේ පෙම්වතිය සමඟ ආරවුලකට ද ?

කොල්ලුපිටිය, වෙරළ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙක් විසින් තමන් පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථයට ගිනිතබා පසුව දුම්රියකට පැන සියදිවි නසාගෙන ඇති බවට පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ බදුරලිය, හැඳිගල්ල ජනපදය, දික්හේන, අක්කර හැත්තෑව ලිපිනයේ පදිංචිව 26 හැවිරිදි තරුණයෙක්.

අද (23) පෙරවරු 09:30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර මාතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙම ත්‍රීරෝද රථය බදුරලිය, හැදිගල්ල ජනපදයේ පදිංචි 34 වියැති කාන්තාවකට අයත් බවට අනාවරණය වී තිබෙනවා.

අප කළ විමසීමක දී පොලිසිය සඳහන් කළේ මරණකරු සිය පෙම්වතිය සමඟ ඇති වූ ආරවුලක් මත මෙලෙස ත්‍රිරෝද රථයට ගිනිතබා පසුව සියදිවි නැගෙන ඇති බවට සැකකරන බවයි.

කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
4
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted