සබරගමුව පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහුට භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඔහු, මෙම පත්කිරීම සිදු කරනු ලබන විට, ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියා.