ජන අරගල විරෝධතාකරුවන් හයදෙනාට අධිකරණයෙන් ඇප

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා පාගමන අතරතුර දී අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළා.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිවයි මෙම විරෝධතා පාගමන ඊයේ (03) සංවිධානය කර තිබුණා.

එහිදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් හයදෙනෙකු අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

නීතිවිරෝධී ලෙස රැස්වීම සහ පූර්ව අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම යන චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත් බවයි අධිකරණයේ දී සඳහන් වුණේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන හයදෙනා, එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.

මෙම නඩුව නැවත නොවැම්බර් 06 වනදා කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්