ජනාධිපති අරමුදලෙන් උතුරුමැද පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ දී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත් වුණා.

මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසුන් 241 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරුණා.

මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24.1ක්.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිළි කිරීමේ කථාව සිදු කරනු ලැබුවා.

ප්‍රධාන දේශනය කතානායක ජගත් වික්‍රමරත්න විසින් සිදු කරනු ලැබූ අතර, මේ වන විට ජනාධිපති අරමුදල එහි සැබෑ කාර්යභාරය හඳුනා ගනිමින් ඉතා කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත්, ඒ පිළිබඳ තමන් ඉතා සතුටු වන බවත් ප්‍රකාශ කළා.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන අයද උත්සව සභාව ඇමතුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, භාග්‍ය ශ්‍රී හේරත්, තිළිණ සමරකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව උතුරුමැද පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඊයේ (30) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

උතුරුමැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් දැනුවත් කිරීම එහිදී සිදු කෙරුණු අතර, උතුරුමැද පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වාදීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන අය සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26