ජනප්‍රිය ඉන්දීය නිළියකට සැමියා පිහියෙන් අනී

කන්නඩ රූපවාහිනී නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත්කර තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මංජුලා ශෘති මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ප්‍රේම සම්බන්ධයකින් පසු ශ්‍රෘති මීට වසර 20 කට පෙර අම්රේෂ් සමඟ විවාහ වී තිබෙනවා.

මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ද සිටින අතර, බැංගලෝර් හි හනුමන්ත්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ඔවුන් ජීවත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, ශ්‍රෘතිගේ හැසිරී රටාව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඇගේ සැමියා විසින් මෙලෙස ඇයට පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වුණේ.

අම්රේෂ් විසින් පළමුව ගම්මිරිස් ඉසින ශ්‍රෘතිගේ මුහුණට ඉස ඇති අතර, පසුව ඇගේ ඉළ ඇට, කලවා සහ බෙල්ලට කිහිප වතාවක් පිහියෙන් ඇන, ඇගේ හිස බිත්තියේ හප්පා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

ශෘති වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්ත්නගර් පොලිසිය විසින් අම්රේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ආතර විවාහ ජීවිතයේ ඇති වූ මතභේද හේතුවෙන් ඔවුන් නිතර නිතර රණ්ඩු වන බව විමර්ශනවලින් හෙළිව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47