ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ස්කූප් ජීවිතක්ෂයට

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායකයෙක් වන ෆැට්මන් ස්කූප් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට්හි හැම්ඩන් නගරයේ දී සංවිධානය කර තිබූ ප්‍රසංගයක දී ඇද වැටීමෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු ගිලන් රථයකින් ප්‍රාදේශීය රෝහලකට රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බවයි නගරාධිපති ලෝරන් ගැරට් සඳහන් කළේ.

පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත්වන විට ස්කූප් 53 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ මරණයට හේතුව නිශ්චිතව පැහැදිලිකර නැහැ.

ඔහුගේ පවුලේ ඥාතීන් සෙනසුරාදා ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක ලියා ඇත්තේ “ලෝකයට දීප්තිමත් ආත්මයක්, වේදිකාවේ සහ ජීවිතයේ ආලෝකයක් අහිමි වූ” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30