ජනපති රනිල්ගෙන් තවත් පොරොන්දුවක්

උතුරු පානී ජල යෝජනා ක්‍රමය සඳහා යෝජිත මොරගහකන්ද ජලාශය වෙනුවට ඒරුවැවේ ජල ධාරිතාවය වැඩිකර එමගින් මහකනදරාව වැවට ජලය ලබාදීමට කටයුතු කරන බවත් ඒ සදහා රුපියල් මිලියන දහසක් වෙන්කරන බවත් තමන්ට ප්‍රකාශ කළ බව මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.

අද දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබූ මහකනදරාව උතුරු පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමට විරෝධය පළ කිරිම සම්බන්ධයෙන් එම ගොවි ජනතාව හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මාධ්‍යවෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

අහස්දියෙන් පෝෂණය වන මෙම මහකනදරාව වැව අක්කර අඩි 36250 කජල ධාරිතාවයක් පවතින අතර ඉන් ගොවිතැනට පමණක් අක්කර අඩි 40000 ක ජල ධාරිතාවයක් අවශ්‍ය පසුබිමක එම අවධානම ගෙන ගොවීන් සිය වගා කටයුතු කරන බැවින් ස්ථිර ජල යෝජනා ක්‍රමයක් නොමැතිව ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවධානමක් බව
මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික සමන් තුසිත මහතා පවසයි .

එහි සභාපති සුබසිංහ රත්නායක මහතා කියා සිටියේ මහකනදරාව වැවෙන් පානිය ජල ව්‍යාපෘති සඳහා ජලය ලබාදීම මගින් එක වගා කන්නයක් හෝ සිදු කර ගැනීමට නොහැකි වන බවත් ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඒරුවැවේන් ජලය ගෙන ඒමට තාවකාලික වැඩපිළිවෙළක් යෝජනා කළද එය සාර්ථක වැඩපිළිවෙළක් නොවන බවත් මොරගහකන්ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලයුතු බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06