ජනපතිගේ චීන සංචාරයේ අවසන් දිනය අදයි – ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්ත ශාලා නැරඹීමේ සූදානමක්

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව්දින චීන නිල සංචාරයේ අවසන් දිනය අද (17) යි.

අද දින චීනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට මෙන් ම දුප්පත්කම තුරන් කිරීම සඳහා ආදර්ශයක් වන චීන ගම්මානයක් නැරඹීමට ද ජනාධිපතිවරයා එක් වීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම අද දිනයේ දී ජනාධිපතිවරයා සිචුවාන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා සමඟ ද විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත යි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (15) දිනයෙන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ තෙවැනි දිනය ද සාර්ථක ලෙස නිමා කෙරුණු බවයි.

සිය චීන රාජ්‍ය සංචාරයේ තෙවන දිනයේ දී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙන විශේෂ සාකච්ඡා කිහිපයකට එක් වුණා.

විශේෂ ආයෝජන සැසියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර චීනයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධානීන් සහ නියෝජිතයින් ඊට එක්ව සිටියා.

ඒ අතර ලෝක ප්‍රකට වෙළෙඳ නාම සහිත සමාගම් රැසක නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා වට කිහිපයකට එක් වූ අතර චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව – සයිනොපෙක් සමූහය (China Petrochemical Corporation -SINOPEC Group), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම (China Communications Construction Company Ltd (CCCC), චයිනා මර්චන්ට් සමූහය (China Merchants Group (CMG), හුවාවි (Huawei) සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රකට සමාගමක් වන බී.වයි.ඩී (BYD Auto) සමාගම ඇතුළු මහා පරිමාණ සමාගම් රැසක් ඊට අයත්.

සයිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක් ශ්‍රී ලංකාවට අත්පත් කර දෙමින් හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට එළැඹීම ද සිදු කෙරුණා.

චීන මහජන විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිවරයා එක් වීමෙන් පසුව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා අතර හමුවක් ද පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.

චීන – ශ්‍රී ලංකා අතීත මිතුදම සිහිපත් කරමින් ඉතා ඵලදායී සාකච්ඡාවකට මෙහිදී ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමත්‍යවරයා එක් වූ අතර “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට චීනයේ සහාය ලබාදෙන බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20