spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනතාවට බොරු පොරොන්දු දෙන්න බැහැ – කෙටි කාලයකින් ගෑස් මිල නැවතත් ඉහළට

කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළ හොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවරව පැවතීමට අසීරුවන බවත් අරුණ කළ විමසීමකදී ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ පවසා සිටියේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළ අවධියේ පදනම් කරගත් තත්ත්වවලට යටත්ව එසේ මිල වැඩිවීම සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී ගෑස් මිල සම්බන්ධව තිරසර වැඩපිළිවෙළක් සැලසුම් කෙරෙන බවත් වැඩි කරන ලද මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත්. මිල පහත දැමීමට හැකිවන විධිමත් කළමනාකරණයකට යොමු කිරීමටත් අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරන බවත් පවසා සිටියේය.

‘‘ලංකාවේ ආර්ථිකය සම්බන්ධව පවතින තත්ත්වය පොදු මහජනතාවට සැඟවිය යුත්තක් නොවෙයි. එසේ සැඟවීම නිසා බොහෝ විට ලංකාවේ උද්ගත වන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසු කර ගැනීම නිසා මහජනතාව ඉන් මුළා වෙනවා. එනිසා මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ ආර්ථික තත්ත්වය පිළිබඳව සවිඥානිවකව මේ වෙලාවේදී වටහා ගැනීම ඉතාම වටිනවා’’ යැයිද ප්‍රකාශ කළේය.

ඉදිරියේදී වැඩි කරන ලද මිල ක්ෂණිකව අඩු කරන්නේ යැයි ජනතාවට බොරු පොරොන්දු දීමට තමන්ට අවශ්‍ය නැති බවත් ගෑස් මිල ස්ථිරසාර මිලක් යටතට ගෙන ඒමට තමන් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ලි​ට්‍රෝ සභාපති ​කේෂාර ජයසිංහ කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?