ජනතාවට බොරු පොරොන්දු දෙන්න බැහැ – කෙටි කාලයකින් ගෑස් මිල නැවතත් ඉහළට

කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළ හොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවරව පැවතීමට අසීරුවන බවත් අරුණ කළ විමසීමකදී ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ පවසා සිටියේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළ අවධියේ පදනම් කරගත් තත්ත්වවලට යටත්ව එසේ මිල වැඩිවීම සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී ගෑස් මිල සම්බන්ධව තිරසර වැඩපිළිවෙළක් සැලසුම් කෙරෙන බවත් වැඩි කරන ලද මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත්. මිල පහත දැමීමට හැකිවන විධිමත් කළමනාකරණයකට යොමු කිරීමටත් අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරන බවත් පවසා සිටියේය.

‘‘ලංකාවේ ආර්ථිකය සම්බන්ධව පවතින තත්ත්වය පොදු මහජනතාවට සැඟවිය යුත්තක් නොවෙයි. එසේ සැඟවීම නිසා බොහෝ විට ලංකාවේ උද්ගත වන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසු කර ගැනීම නිසා මහජනතාව ඉන් මුළා වෙනවා. එනිසා මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ ආර්ථික තත්ත්වය පිළිබඳව සවිඥානිවකව මේ වෙලාවේදී වටහා ගැනීම ඉතාම වටිනවා’’ යැයිද ප්‍රකාශ කළේය.

ඉදිරියේදී වැඩි කරන ලද මිල ක්ෂණිකව අඩු කරන්නේ යැයි ජනතාවට බොරු පොරොන්දු දීමට තමන්ට අවශ්‍ය නැති බවත් ගෑස් මිල ස්ථිරසාර මිලක් යටතට ගෙන ඒමට තමන් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ලි​ට්‍රෝ සභාපති ​කේෂාර ජයසිංහ කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55