චෙන්නායි කණ්ඩායමෙන් හයිද්‍රාබාදයට ලකුණු 166ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18වන තරගය චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

එහිදී ශිවම් ඩුබේ පන්දු 24කින් ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් , ටී නටරාජන් , පැට් කමින්ස් , ෂාබාස් අහමඩ් සහ ජයදේව් උනද්කට් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ අනුව සන්රයිසස් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා හිමිවූ ඉලක්කය ලකුණු 166ක්.