AFC Banner
Empty Ad
Empty Ad

චීන නෞකාවකින් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවකට ලේසර් කිරණ ප්‍රහාරයක්

චීන වෙරළ ආරක්ෂක නෞකාවක් විසින් එල්ල කළ ලේසර් කිරණ ප්‍රහාරයක් හේතුවෙන් පිලිපීන වෙරළ ආරක්ෂක නෞකාවක නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වී ඇතැයි පිලිපීන ආරක්ෂක අංශ පවසනවා.

පසුගිය පෙබරවාරි 06 වනදා එරට වේලාවෙන් පස්වරු 06:50 ට පමණ ස්ප්‍රැට්ලි දූපත් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පිලිපීන ආරක්ෂක බලධාරීන් සඳහන් කළේ.

චීන වෙරළ ආරක්ෂක නෞකාව තම නෞකවට මීටර් 137ක දුරක් දක්වා අසළට පැමිණි බවත්, එම නෞකාවෙන් එල්ල කළ කොළ පැහැති ලේසර් කිරණ හේතුවෙන් තම නැවියන්ගේ පෙනීම තාවකාලිකව අහිමි වූ බවත් පිලිපීන වෙරළ ආරක්ෂක ආයතන වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් චීනය තවමත් කිසිඳු ප්‍රතිචාරක් දක්වා නොතිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?