චීන තරුණිය මැරූ පෙම්වතා සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

කොහුවල පොලිස් වසමේ පිහිටි Kent Residence නිවාස සංකීර්ණයේ නිවසක කුලී පදනම මත පදිංචිව සිටි චීන ජාතික කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය 23 වනදා මෙම අපරාධය සිදුකර ඇත්තේ ඝාතනයට ලක්වූ චීන ජාතික කාන්තාවගේ හිටපු පෙම්වතා බවට අනවරණය වී ඇති අතර, WANG HUIYIN නැමැති ඔහු වයස අවුරුදු 26ක පුද්ගලයෙක්.

සැකකරුගේ වම් අතේ ඇඟිළි තුවාල වී මැහුම් දමා ඇති බව පවසන පොලිසිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර අංකය EE6791329/ER3805969 බව දැනුම් දෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ස්ථානාධිපති / කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – ගල්කිස්ස – 071-8596408
ස්ථානාධිපති / පොලිස් ස්ථානය කොහුවල – 071-8591669



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53