නිලාවේලි කොරල් සංරක්ෂණ පරිශ්‍රය නි.ඇමති ඇන්ටන්ගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකාවේ වෙරළබඩ හා සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ ස්ථාපිත කරමින් පවතින සුවිශේෂී කොරල් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර පරිශ්‍රය පෙරේදා (25) දින පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ විශේෂ නිරීක්ෂණයට ලක්වුණා.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරල් විශේෂ 245 අතුරින් දුර්ලභ ගණයේ පවතින බ්ලැක් කොරල් (Black Coral) සහ රෙඩ් කොරල් (Red Coral) වැනි විශේෂ සංරක්ෂණය කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණයි.

සාගරයේ පවතින ස්වභාවික උෂ්ණත්වය සහ පාරිසරික තත්ත්වයන් කෘතිමව විද්‍යාගාර තුළ ප්‍රතිනිර්මාණය කරමින් කොරල් වගා කිරීම හා නැවත මුහුදු පත්ලේ රෝපණය කිරීම මෙහි මූලික කටයුතු වන අතර, මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

ඉදිරියේ දී මෙය විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් මෙන්ම මහජනතාව සඳහා කොරල් කෞතුකාගාරයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස විවෘත වීමට නියමිත අතර, මේ හරහා කොරල් සම්බන්ධ පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36