ගෝඩ් ෆාදර්ගේ පුත්‍රයා කටුනායක දී අත්අඩංගුවට

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකෙන ශිරාන් බාසික්ගේ පුත්‍රයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) අලුයම සැකකරුව කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ පෙබරවාරි මස 16 වැනි දින වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමක දී රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීයෙකු අනතුරට පත් කරමින් පලා ගිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

මෙම සැකකරු 23 හැවිරිදි වියෙහි පසුවන අයෙක් බවත්; ඊයේ (27) රාත්‍රී 10.10 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අද අලුයම 12.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුව සිය භාරයට ගනු ලැබුවා.

වැල්ලවත්ත හැවලොක්සිටි අසල දී මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින ස්ථානයක් වැටලීමේ දී මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන ශිරාන් බාසික් නමැති ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පුතා වන නදින් බාසික් සහ අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ දී රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරිමේදී නිලධාරියාව අනතුරට ලක් කරමින් පොලිස් යතුරු පැදියකට ද අලාභ හානි කර පලා ගියා.

මෝටර් රථය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර නදීන් බාසික් පලා ගොස් ඇති අතර ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් ස්ථානයේ රත්තරන් පවුම් 100 ක්, මෝටර් රථ 03ක යතුරු තිබූ අතර එම මෝටර් රථ 03 පරික්ෂා කිරීමේදී මෝටර් රථ 03ක තිබූ හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් හා ඩිරාම් 535ක්, ඩොලර් 161 ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැඳුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක් සොයා ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ ලිපි ලේඛන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත සහ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය වෙත භාර දුන් පසු මෙම සිද්ධියේ ශිරාන් බාසික්ගේ පුත් නදින් බාසික් මිනීමැරීමකට තැත් කිරීම සහ රිය අනතුරක් සිදුකර පලා යාම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගැනුණේ.

2024.02.16 වන දින මත්ද්‍රව්‍ය වැටලීමට අදාළ ව නදින් බාසික් අත්අඩංගුටව ගැනීම වළක්වාලමින් ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් විශේෂ කාර්ය බලකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට විරුද්ධව අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ද ලබාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29